පොලිස් ලොක්කන්ගේ වැඩ වරදී.

රුපියල් 9000ක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් පොලිස් නිලධාරින් දෙදෙනෙකු අල්ලස් හෝ දූෂණ විමර්ෂණ නිලධාරි කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගත් බවට වාර්තා වේ.

පොළොන්නරුව කාර්යාලයට ලද පැමිණිල්ලකට අනුව මෙම වැටලීම සිදු කර ඇති අතර එම කොමිසම සදහන් කළේ නීති විරෝධී මත්පැන් පෙරන මධ්‍යස්ථානයක් පවත්වාගෙන යාමට උපකාර කිරීම සදහා මෙම අල්ලස් මුදල ඉල්ලා ඇති බවයි.

මින්නේරිය පොලිසියට අනියුක්තව සේවය කරන සැරයන්වරයෙකු හා කොස්තාපල්වරයෙකු පැමිණිලිකරුගේ නිවසේදී අදාළ අල්ලස් මුදල ලබා ගන්නා අවස්ථාවේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 25 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

Exit mobile version