පූගොඩ ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ කාන්තාවකට මත්ද්‍රව්‍ය ජාවාරම සදහා අනුබල දීමේ චෝදනාව මත පොලිස් විශේෂ කාර්ය බළකායේ පොලිස් පරීක්ෂකවරයකු අත් අඩංගුවට ගත් බවට කොස්ගම පොලීසිය පවසයි.
සැකකාර පොලිස් පරීක්ෂකවරයා පූගොඩ පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ සේවය කළ සමයේදී එම ප්‍රදේශයේ අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකළ කාන්තාවකට එම මත්ද්‍රව්‍ය ජාවාරම ප්‍රවර්ධනය සදහා අනුබල දී ඇති බවට අත්අඩංගුවේ පසුවන සැකකාරියකගෙන් ලද තොරතුරක් මත මෙම අත් අඩංගුවට ගැනීම සිදුකර ඇති බව වාර්තා වේ.
මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ රාජගිරිය ගෝනහේන විශේෂ කාර්ය බළකා කදවුරේ සේවය කරමින් සිටි අඹගස්වැව හිරියාල බක්මීවැව ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 40 හැවිරිදි පොලිස් පරීක්ෂකවරයෙකි.
