සත් හැවිරිදි දැරියක් අපයෝජනය කළ දස හැවිරිදි පිරිමි දරුවකු සම්බන්ධව නාරම්මල පොලීසිය විමර්ශණ ආරම්භ කර ඇති බව වාර්තා වේ.
මෙම අපයෝජන සිදුවීම වාර්තාවී ඇත්තේ කිරිමැටියාව මානාව ප්‍රදේශයෙන් බවට පොලීසිය පවසයි.
අපයෝජනයට ලක්වූ හත් හැවිරිදි දැරියගේ මවගේ පළමුවැනි විවාහයේ දස හැවිරිදි දරුවා මෙලෙස අපයෝජනය සිදුකර ඇති බවට විමර්ශණවලදී හෙළිවී තිබේ.
අපයෝජනයට ලක්වූ දැරිය ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර ඇති අතර මේ සම්බන්ධයෙන් ඉදිරි විමර්ශණ කටයුතු නාරම්මල පොලීසිය සිදුකරන බවට අනාවරණය වේ.