රහසිගතව වළ දැමූ දින 21ක් වයසැති බිළිදියගේ සිරුර ගොඩ ගැනීමට මූන්දලම පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර ඇති බව සදහන්.
මූන්දලම ,අගුණවිල ,අක්කර වෙල්ලිය ප්‍රදේශයේ පදිංචි තිස් පස් හැවිරිදි කාන්තාවගේ දින 21ක් වයසැති දියණිය ඊයේ මියයාමෙන් අනතුරුව මෙලෙස වළ දමා ඇති බව වාර්තා වේ.
මුස්ලිම් පල්ලියේ සභාපති වෙත දැනුම් දීමෙන් අනතුරුව අක්කරවෙල්ලිය මුස්ලිම් සුසාන භූමියේදී මෙලෙස භූමිදාන කටයුතු කර ඇති බවට ප්‍රදේශය භාර ග්‍රාම නිලධාරිනිය විසින් මූන්දලම පොලිසිය දැනුවත් කිරීමෙන් අනතුරුව විමර්ශණ ආරම්භ කර ඇති බව සදහන්.
අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව බිළිදියගේ සිරුර ගොඩගෙන පරීක්ෂණයට ලක් කිරීමට මූන්දලම පොලිසිය පියවර ගෙන තිබේ.
