වන අලි ප්‍රහාරයකින් පොලිස් නිලධාරීන් රෝහලේ.

වන අලි ප්‍රහාරයකට ලක් වූ පොලිස් නිලධාරීන් තිදෙනෙකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා ත්‍රිකුණාමලය රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වේ.

මෙලෙස තුවාල ලබා ඇත්තේ දියඋල්පත පොලිස් මුරපොළේ ස්ථානාධිපති ලෙස රාජකාරිය කරන උප පොලිස් පරීක්ෂකවරයෙක් සහ තවත් නිලධාරීන් දෙදෙනෙකි .

මෙම නිලධාරීන් රක්ෂිත ප්‍රදේශයේ ගමන් කරමින් සිටියදී මෙලෙස වන අලි ප්‍රහාරයකට ලක්ව තිබේ .

Exit mobile version