මහජන පැමිණිලි නොතැකූ පොලිස් නිලධාරින් 9 දෙනකුට චෝදනා පත්‍ර ලබා දී ඇති බවත්, තවත් 19 දෙනකුට අවවාද පත්‍රිකා ලබා දී ඇති බවත් පොලිස් මූලස්ථානය පවසයි.
පොලිස් ස්ථාන වෙත මහජනයාගෙන් ලැබෙන පැමිණිලි සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානයේ උපදෙස් චක්‍රලේඛ මත කටයුතු නොකළ සිදුවීම් 125 ක් සම්බන්ධයෙන් පොලිස්පතිවරයා නියමයෙන් පොලිස් මූලස්ථාන විශේෂ විමර්ශන ඒකකය විමර්ශන ආරම්භ කර ඇති බවට පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි.
මෙම සිදුවීම් වලින් ලිපි ගොනු 84ක විමර්ශන අවසන් කර ඇති බවත් ගොනු 23 ට ඉදිරියේදී චෝදනාපත්‍ර හා අවවාද පත්‍ර නිකුත් කිරීම නියමිත බවද හෙතෙම පවසයි.
මෙම චෝදනා ලබා ඇති නිලධාරීන් අතර පොලිස් ස්ථානාධිපතිවරුන්, අංශ බාර ස්ථානාධිපතිවරුන් සිටින බවත් ඉදිරියේදී ඔවුන් තනතුරු වලින් ඉවත් කරන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කළ බව වාර්තා වේ.
