අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් 2024.01.01 දින සිට බලාත්මක වන පරිදි, නුවරඑළිය මහේස්ත්‍රාත්වරිය වන කුෂිකා කුමාරසිරි මහියංගනය දිසා අධිකරණයට වැඩ රාජකාරී නොමැති අතිරේක වැඩ බලන දිසාවිනිසුරු ලෙස මාරුකර තිබේ. ඒ පොලීසිය විසින් සැලසුම්සහගතව අධිකරණයේ නඩු වලින් ඉවත් වී වර්ජනය කිරීමේ සිද්ධිය හා සම්බන්ධව බව කිය වේ.
පොලිස් නිලධාරීන්ගේ අකාර්යමක්ෂතාව හේතුවෙන් නඩු කල්යෑම සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් ගැන මහේස්ත්‍රාත්වරියගේ දෝෂාරෝපණයට ලක්වීමත් සමඟ, මහේස්ත්‍රාත්වරියගේ එම වැඩපිළිවෙලට එරෙහිව පොලිස් නිලධාරීන් සැලසුම්සහගතව නොවැම්බර් 06වැනි දින අධිකරණය වර්ජනය කළේය.
පොලිස් නිලධාරීන්ට හෝ වෙනත් කිසිම පුද්ගලයෙකුට එසේ අධිකරණයට බලපෑම් කල නොහැක. එය ආණ්ඩුක්‍රම ව්‍යවස්තාවේ 111ඇ* වගන්තියෙන් පැහැදිලිකර තිබේ. එහි (2) වැනි වගන්තියෙන් ප්‍රකාශ කරනුයේ එසේ බලපෑම් කරන පුද්ගලයන්ට මහාධිකරණය මඟින්, ජූරි සභාවක් නොමැතිව නඩුව විභාගය කළ යුතු බවයි. එහිදී වරදකරු වූ විට සිර දඬුවම් ලබා දීමත් හෝ දඩයක් ගැසිය යුතු බවත් හෝ ඒ දෙකටම යටත් කළ යුතු බවයි.
කෙසේ වූවත් එම සිද්ධියෙන් අනතුරුව නියෝජ්‍ය පොලිස්පති නීතීඥ රුවන් ගුණසේකර නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණ මහේස්ත්‍රාත්වරිය මුණගැසී පොලිස් දෙපාර්තමේන්තුව වෙනුවෙන් කණගාටුව පළකර තිබේ. නමුත් එසේ කළ යුතු බවත්, උසස් නිලධාරීන් පැමිණ ඒ අයුරින් පොඩ්ඩන් සුද්ධකළ යුතු බවත් නීතිපොත පතේ සඳහන් නොවේ.
නොවැම්බර් 06 වන දින නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණයේ දී සිදු වූ පොලිස් නිලධාරීන්ගේ හැසිරීම හා ක්‍රියාකලාපය හෙළාදකිමින් යෝජනා සම්මතයක් නුවරඑළිය නීතීඥ සංගමය විසින් ශ්‍රී ලංකා නීතීඥ සංගමයට යොමුකර ඇත.
කෙසේ වුවත් විය යුත්තේ එම නිලධාරීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමයි. පොලිස් නිලධාරීන් අධිකරණ නිලධාරීන්ට එසේ කළ පළමු අවස්ථාව මෙය නොවේ. ඒ කිසිම අවස්ථාවක එසේ කළ නිලධාරීන්ට එරෙහිව කටයුතු කළ බවක් අපට වාර්තා වූයේ නැත. ඒ අනුව නියෝජ්‍ය පොලිස්පති රුවන් ගුණසේකර නීතිය දන්නා පුද්ගලයෙක් ලෙස කළ යුත්තේ එම නිලධාරීන්ගේ දූෂිත හැසිරීමට එරෙහිව මහාධිකරණයේ නඩු පැවරීමයි.
මෙම මහේස්ත්‍රාත්වරියගේ ස්ථානමාරුව පිළිබඳව අප කිසිවක් සටහන් නොකරමි. ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 111 ඔ. වගන්තියට අනුවය. වාර්ෂික ස්ථානමාරුවක් ලෙසින්, යම් සැලසුමකට අනුව මහේස්ත්‍රාත්වරියගේ මාරුව සිදුකර තිබෙන බව පෙනේ.
කෙසේ නමුත් වැරදිකළ පොලිස් නිලධාරීන්ට දිය යුතු දඩුවම ලබා නොදී, මහේස්ත්‍රාත්වරියට දඬුවම් ලබා දීමක් සිදු වුවහොත් එය මහජනතාව අතර භීතියක් සහ අප්‍රසාදයක් ඇති වේ. එසේම අනෙකුත් මහේස්ත්‍රාත්වරුන්ටද එය බලපාන අතර මහජන යුක්තියටද එය දැඩි සේ බලපායී. පොලීසියට බයේ ජීවත්වීමට මහේස්ත්‍රාත්වරුන්ට සිදුවන අතර එය වැරදි පූර්වාදර්ශයක් ලෙස ක්‍රියාත්මක වී අධිකරණ පද්ධතියේ අනාගතය විනාශ වී යනු ඇත.
මීට පෙර අප විසින් පල කළ පුවත පහතින් ,
