වැටලීමකට ගිය පොලිස් නිලධාරීන්ට පහර දීලා.

නීතිවිරෝධී මත්පැන් වැටලීමකට ගොස් සිටියදී පොලිස් නිළධාරීන් දෙදෙනෙකුට පහරදී රාජකාරියට බාධාකිරිම සම්බන්ධයෙන් කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයන් හත්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන අතර පහරකෑ නිළධාරීන් දෙදෙනෙකු රෝහල් ගතකර තිබෙන බව වාර්තා වේ .

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ බුලත්සිංහල පහළ වෙල්ගම ප්‍රදේශයේ පදිංචි 27, 24, 26,34,60 පුද්ගලයන් සහ 46 සහ 20 කාන්තාවන් දෙදෙනෙකි.

Exit mobile version