අවුරුදු 20ක් වයසැති තරුණියකට ඇයගේ නිවසේ දී ලිංගික අතවර කළා යැයි කියන පොලිස් සැරයන්වරයෙකු අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.
මෙම සැරයන්වරයා අදාළ තරුණියගේ ඥාතියෙකු බව සඳහන් වන අතර තරුණිය පමණක් සිය නිවසේ රැඳී සිටි අවස්ථාවක දී එම නිවසට ඇතුළු වූ සැරයන්වරයා ඇයට ලිංගික අතවර කර තිබෙන බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ සම්බන්ධයෙන් අදාළ තරුණිය විසින් පැමිණිල්ලක් ද ඉදිරිපත් කර ඇති අතර ඒ සම්බන්ධයෙන් විමර්ශන පවත්වා අදාළ පොලිස් සැරයන්වරයා සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම සැරයන්වරයා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්‍යාංශයට අනියුක්තව තාවකාලිකව නිකවැරටිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට 2021 වර්ෂයේ පටන් අනියුක්තව සේවය කළ අයෙක් වන අතර මොහු සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් ද ආරම්භ කර තිබේ.
එමෙන්ම සිද්ධිය සම්බන්ධයෙන් රස්නායක පොලිසිය වැඩි දුර විමර්ශන කටයුතු සිදු කරනු ලබයි.
