පොලිස් සැරයන් වෙඩි වැදී මරුට.

මාතර දිසා විනිසුරුවරියගේ නිල නිවසේ රාජකාරි කරමින් සිටි පොලිස් සැරයන්වරයකු ටී 56 ගිනි අවියකින් පපුවට වෙඩි වැදී එම ස්ථානයේම මිය ගොස් ඇති බව වාර්තා වේ.

මෙලෙස මියගොස් ඇත්තේ කැකනදුර තල්පාවිල මැද පොල ගෙවත්ත පදිංචිව සිටි හන්න ගලගමගේ බන්දුල  පුෂ්පකුමාර නැමැති අවුරුදු 54ක නිලධාරියෙකි.

මාතර වෙරළ මාර්ගයේ පිහිටි මාතර දිසා අධිකරණයේ තුන්වන විනිසුරු වන රසිකා ද සිල්වා මහත්මියගේ නිල නිවසේ රාජකාරි කරමින් සිටි සැරයන්වරයාගේ පපු පෙදෙස ට වෙඩි පහරවල් දෙකක් එල්ල වී ඇති බව සදහන්.

වෙඩි වැදුණු බවට සැකකරන ගිනි අවිය මළ සිරුර තිබූ ස්ථානයේ වැටී ඇතැයි පොලීසිය පවසයි.

Exit mobile version