පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය අද (18) දහවල් සංවිධානය කර තිබූ විරෝධතා පාගමනකට පොලීසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබෙන බව වාර්තා වේ .
සමාජ මාධ්‍ය වාරණ පනත වහා හකුළා ගනු, PTA අහෝසි කරනු, නිදහස් අධ්‍යාපන, නිදහස් සෞඛ්‍ය වනසන උපාධි කඩ වහා හකුලා ගනු යනුවෙන් සඳහන් කරමින් මෙම විරෝධතා පාගමන දියත් කර තිබූ අතර ඔවුන් පවසන්නේ ජීවනබරට අනුව මහාපොළ ශිෂ්‍යාධාර වාරික වහා ඉහළ දැමිය යුතු බවයි .
