එළඹෙන පළාත්පාලන මැතිවරණයකදී ජනතාව හමුවට පැමිණ ඡන්දය ඉල්ලීමට දේශපාලඥයින්ට කිසිදු සදාචාරාත්මක අයිතියක් නොමැති බවත් මෙවරපළාත් පාලන මැතිවරණයට නායකත්වය ලබාදීමට තමා සූදානම් බවත් මිහින්තලය රජමහා විහාරාධිපති පූජ්‍ය වළවාහැංගුණවැවේ ධම්මරතන හිමි පවසති.
මිහින්තලය රජමහා විහාරාධිපති පූජ්‍ය වළවාහැංගුණවැවේ ධම්මරතන හිමියන් වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කොට සිට ඇත්තේ.
“බලන්න ඔය ඉන්න 225 මොන වෘත්තියේ ද යෙදෙන්නේ කියලා. දැන් ඊයේ පෙරේදා මම දැක්කා මේ සැණකෙළියක් ක්‍රිකට් ගහනවා. මොකද එහෙම රටේ මිනිස්සුන්ට ප්‍රශ්න නැහැ. මිනිස්සුන්ට බඩගිනි නැහැ. ඒවා ගැන වගේ වගක් නැහැ. ඒ අය දන්නේ නැහැ. ඔය කිසිම දේශපාලන පක්ෂයකට සදාචාරයක් නැහැ ඔබ හමුවට අප හමුවට ඇවිල්ලා ඡන්දය ඉල්ලන්න. එල්.ටී.ටී.ඊ සංවිධානය, ජනතා විමුක්ති පෙරමුණ, UNP, SLFP සහ අද වාර්තමානයේ ඉන්න විවිධ නම්වලින් එන දේශපාලඥයෝ මේ කොයිහරි පක්ෂයකට සම්බන්ධ වෙච්චි පුද්ගලයෝ නම විතරයි වෙනස් පුද්ගලයෝ වෙනස් නැහැ. එකම සතා තමයි ඇවිල්ල තියෙන්නේ. ඒ වගේම ඊළඟ මැතිවරණයක් ආවොත් අපි දෙනවා නායකත්වය. රටේ නායකයෝ කියලා එහෙම නායකයෝ කොටසක් නැහැ. අවුරුදු 5කට තමයි මේ රට පාලනය කරන්න භාරදීලා තියෙන්නේ. එයාලා නායකයෝ නෙමෙයි අපි තමයි නායකයෝ පූජ්‍ය පක්ෂය.”යනුවෙනි.
