ලොව සුපිරි පොප් ගායිකා මැඩෝනා බැක්ටීරියා ආසාදන රෝගයකින් පෙළෙන බවට හදුනාගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ අනුව ඇය මේ වන විට ඇමරිකාවේ පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව සදහන්.
64 හැවිරිදි ඇය මෙම රෝග තත්ත්වය නිසා හුස්ම ගැනීමේ අපහසුතාවයෙන් පෙළෙන බවට වෛද්‍යවරු ප්‍රකාශ කර තිබේ.
කෙසේ වෙතත් මේ වන විට ඇගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් අතට හැරෙමින් පැවතියත් ඇය තවමත් වෛද්‍ය ප්‍රතිකාර යටතේ පසුවන බව සදහන්.
