කොළඹ පෝර්ට් සිටි සංකීර්ණ පරිශ්‍රයේ ඉදිවූ කෘත්‍රිම වෙරළ තීරය අද (15) දින විවෘත කළ බව වාර්තා වේ.
අද සිට මෙම කෘත්‍රිම වෙරළ තීරය නොමිලේ නැරඹීම සඳහා මෙරට ජනතාවට මෙන්ම විදේශීය සංචාරකයින්ට අවස්ථාව ලබාදී තිබෙන බව සදහන්.
ඒ අනුව කෘත්‍රිම වෙරළ තීරයේ දිය නෑමට, ජල ක්‍රීඩා කිරීමට, විනෝදවීමට හැකිය.
මෙම වෙරළ තීරය දිගින් කිලෝමීටර් තුනහමාරක් පමණ වන බව සදහන්.
මෙම කෘත්‍රිම වෙරළ තීරයට අමතරව ඒ ආසන්නයේම දෙස් විදෙස් ආහාරවලින් සමන්විත ආහාර අලෙවි පරිශ්‍රයක්ද ඉදිකර තිබේ.
