ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර පුහුණු තරගය අද.

මේ මස 5වන දින සිට ආරම්භ වන එක්දින ලෝක කුසලානයේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන දෙවන පුහුණු තරගය ඇෆ්ගනිස්තාන කණ්ඩායමට එරෙහිව අද (03) ගුවාහීටීහිදී ආරම්භ වීමට නියමිත බව වාර්තා වේ.

ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩාකරන අවසන් පුහුණු තරගය වන මෙය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 2.00ට ආරම්භ වනු ඇති.

මේ අතර අද දිනයේ තවත් පුහුණු තරග දෙකක් පැවැත්වීමට නීයමිත බව සදහන්.

ඒ, ඉන්දියාව සහ නෙදර්ලන්තය අතර තරගය සහ පාකිස්ථානය සහ ඕස්ට්‍රේලියාව අතර තරගයයි.

Exit mobile version