පුහුණු තරග හෙටින් ඇරඹේ.

ඉන්දියාවේදී පැවැත්වෙන ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සමගාමීව පැවැත්වෙන පුහුණු තරගාවලිය හෙටින් (29) ආරම්භ වෙන බව වාර්තා වේ.

හෙට සිට ඔක්තෝබර් මස 03 වනදා දක්වා පැවැත්වෙන පුහුණු තරගාවලියේදී සෑම කණ්ඩායමක්ම තරග දෙකකට සහභාගී වන අතර ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන පළමු පුහුණු තරගය බංග්ලාදේශ කණ්ඩායම සමග හෙට පැවැත්වීමට නියමිත බව සදහන්.

දෙවන තරගය ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමග පැවැත්වෙන බව වාර්තා වේ.

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය ඔක්තෝබර් මස 05 වනදා ආරම්භවීමට නියමිත අතර තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන පළමු තරගය දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහිව ලබන 07 වනදා පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.

Exit mobile version