ඉන්ධන මිල ලබන වසරේ සිට දෛනිකව ස්වයංක්‍රියව සංශෝධනය කරන බවට විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේස්කර මහතා අද (13) පැවසූ බව වාර්තා වේ.
ඉන්ධන බෙදුම්කරුවන්ගේ සංගමයේ සහ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නිලධාරීන් සමඟ පැවැති සාකච්ඡාවකදී අමාත්‍යවරයා එසේ ප්‍රකාශ කර තිබේ.
ඉන්ධන බෙදුම්කරුවන්ගේ අළෙවි මුදල් පිළිබඳව ක්‍රියාත්මක වන නඩු කටයුතු සමථයකට පත් කර ගැනීම, නව ඉන්ධනහල් ඉදිකිරීමේ කටයුතු සහ ලිහිසි තෙල් අළෙවිය සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කළ බවට අමාත්‍ය කංචන විජේස්කර මහතා වැඩි දුරටත් සඳහන් කර තිබේ.
