පරිසර අමාත්‍යවරයා පත් කිරීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා චීන සංචාරයෙන් පසුව තීරණය කරනු ලබන බව වාර්තා වේ.
ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් පරිදි හිටපු පරිසර අමාත්‍ය නසීර් අහමඩ් මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි වීමත් සමඟ පරිසර අමාත්‍ය ධුරය පුරප්පාඩු විය.
පුරප්පාඩු වූ පරිසර අමාත්‍ය ධූරයේ වගකීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන අනුව මේ වන විට ජනාධිපතිවරයා වෙත පැවරී පවතින බව වාර්තා වේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම සති අන්තයේ චීනයේ නිල සංචාරයක නිරත වන අතර නැවත දිවයිනට පැමිණීමෙන් අනතුරුව පරිසර අමාත්‍යවරයෙක් පත්කිරීමට නියමිතව ඇති බවට රජයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පවසා තිබේ.
