රහසිගතව හෙද ව්‍යවස්ථාව සංශෝධනය කිරීමේ ක්‍රියාමාර්ගයට එරෙහිව සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිට හෙට (26) දැවැන්ත විරෝධතාවක් සංවිධානය කර ඇති බවට සමස්ත ලංකා හෙද සංගමයේ සභාපති එස්.බී. මැදිවත්ත මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.
ඔහු සඳහන් කළේ, හෙද සේවක හිඟය හේතුවෙන් රෝහල් තුළ හටගෙන ඇති අර්බුදය විසඳීමට කිසිදු අවශ්‍යතාවක් නොමැති බලධාරීන් හෙද ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට අදාළ කෙටුම්පතක් රහසිගතව සකස් කර ඇති බවයි.
කෙසේවෙතත් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කළේ, රටේ පවතින ආර්ථික අර්බුදය සැළකිල්ලට ගනිමින් රටේ සෞඛ්‍ය පද්ධතියේ පවතින දුර්වලතා නිවැරදි කිරීමට රජය අවශ්‍ය පියවර ගන්නා බවයි.
