හිර ගෙදරම වයස්ගත වූවන්ට ජනපති සමාව.

බන්ධනාගාරවලම වයසට ගිය රැදවියන් ජනාධිපති සමාව යටතේ නිදහස් කර යැවීමේ වැඩපිළිවෙළක් අධිකරණ බන්ධනාගාර සහ පුනරුත්ථාපන ඇමති විජයදාස රාජපක්ෂ මහතා ආරම්භ කර ඇති බව වාර්තා වේ .

මෙරට බන්ධනාගාරවල වයස්ගත,දුර්වල සහ රෝග පීඩා සහිත සිරකරුවන් සියයක් පමණ සිටින මුත් මේ පිළිබඳව සොයා බැලීමට පත් කර ඇති වෛද්‍ය මණ්ඩලය අනුමත කර ඇත්තේ රැදවියන් 12ක් පමණකි.

ඒ අනුව මෙම රැදවියන් 12 දෙනාට ජනාධිපති සමාව ලැබෙනු ඇති බවට ඇමති මාධ්‍ය අංශය වාර්තා කර තිබේ.

Exit mobile version