ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිල සංචාරයක් සඳහා ජර්මනිය බලා පිටත්ව ගොස් ඇති බව වාර්තා වේ.
අද (27) අලුයම ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් පිටත්ව ගිය බව වාර්තා වේ.
ජර්මනියේ පැවැත්වෙන බර්ලින් ග්ලෝබල් සකච්ඡාවට සහභාගී වීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මෙම සංචාරයේ අරමුණ වී තිබේ.
ජනාධිපතිවරයා සාකච්ඡාවේ පළමු දිනයේ නායකයින්ගේ සංවාද සැසියේ අදහස් දැක්වීමට නියමිත බව සදහන්.
වර්තමාන භූ දේශපාලන හා ආර්ථික අභියෝගවලට ගෝලීය වශයෙන් විසඳුම් සෙවීම සඳහා වූ බර්ලින් ගෝලීය සංවාදය හෙට සහ අනිද්දා යන දෙදින පැවැත්වීමට නියමිතයිව තිබේ.
මෙම සංචාරයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජර්මන් චාන්සලර් ඔලාෆ් ෂෝල්ස් ඇතුළු එරට දේශපාලන සහ ව්‍යාපාරික නායකයින් හමුවී සාකච්ඡා පැවැත්වීමටද සැලසුම් කර ඇති බවට ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කර තිබේ.














































