විරෝධය නොතකා ජනපති කැලණි සරසවියට.

කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන ආයතනයේ නව ගොඩනැඟිලි පරිශ්‍රය අද (31) පෙරවරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් විවෘත කරනු ලැබුවේ සිසුන්ගේ විරෝධතා නොතකාය.

ජනාධිපතිවරයාගේ පැමිණීමට විරෝධය පළ කරමින් කැලණිය විශ්වවිද්‍යාලයේ සිසුන් විරෝධතාවක නිරත වු අතර පෙරේදා රාත්‍රීයේ ඔවුන් කොළඹ – මහනුවර ප්‍රධාන මාර්ගය අවහිර කරමින් සිදුකළ විරෝධතාවය විසුරුවා හැරීමට පොලීසියට කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීමට සිදුවුණි.

කෙසේවෙතත් අනතුරුව සිසුන් එම ස්ථානයෙන් විසිර ගියද ඔවුන් ඊයේ සවස් වන තුරුම විශ්වවිද්‍යාල පරිපාලන ගොඩනැගිල්ලකට කිසිදු පාර්ශවයකට ඇතුළු වීමට ඉඩ ලබානොදී විරෝධතාවක නිරතව සිටි බව සදහන්.

Exit mobile version