ජනපති සිංගප්පූරුවට සහ ජපානයට.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිංගප්පූරුව සහ ජපානය බලා ඉදිරි දිනයක දී පිටත්ව යෑමට නියමිත අතර එහිදී සිංගප්පූරු අගමැති ලී හ්සීන් ලූන් සහ ජපාන අගමැති ෆුමියෝ කිෂිඩා හමුවීමට නියමිත බව වාර්තා වේ.

ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කරගත් ගිවිසුම , ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සහ ආයෝජන අවස්ථා සහ තවත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතව තිබේ.

එමෙන්ම ජනාධිපතිවරයා මෙම මස 27 වන දා යළි දිවයිනට පැමිණීමට නියමිතව තිබේ.

Exit mobile version