පොසොන් පුර පසලොස්වක පොහොය දිනය වෙනුවෙන් ජනාධිපති විශේෂ සමාව යටතේ සිරකරුවන් 440 ට නිදහස හිමිවූ බවට වාර්තා වේ.
පිරිස අතර කාන්තා රැඳවියන් 6 දෙනෙකු ද සිටින බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක අතිරේක කොමසාරිස් ජනරාල් චන්දන ඒකනායක මහතා ප්‍රකාශ කළ බව සදහන්.
සියලු බන්ධනාගාර ආවරණය වන පරිදි සිරකරුවන්ට මෙම නිදහස ලබා දී ඇති බවද බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.
