ප්‍රතික්ශේප කරන ලද අපස්මාර පෙති තොගය ගන්න අමාත්‍යාංශයට ඉහලින් බලපෑම්ලු.

යාඩේන් ඉන්ටර්නැෂනල් නැමති සමාගම විසින් ආනයනය කරන ලද අපස්මාර රෝගය සදහා භාවිතා කරන රුපියල් කෝටි විස්සක් වටිනා පෙති කෝටි දෙකක් භාර ගැනීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයීම් අංශය විසින් ඊයේ (13) ප්‍රතික්ෂේප කළ බව වාර්තා වේ.

ඇසුරුමක තිබිය යුතු නිශ්චිත අන්තර්ගතය නොතිබීම නිසා මෙලෙස ප්‍රතික්ෂේප කළ බව සදහන් කරයි.එක් ඇසුරුමක පෙති 10 ක් අන්තර්ගත විය යුතු නමුත් ආනයනය කරන ලද එම එක් ඇසුරුමක තිබී ඇත්තේ පෙති 8 ක් පමණක් බව වාර්තා වේ.

මෙම පෙති තොගය වෛද්‍ය සැපයුම් අංශයට ගෙනැවිත් තිබු බවත් එම තොගය භාර ගන්නා ලෙස වෛද්‍ය සැපයුම් අංශයට ඉහළ බලපෑම් එල්ල වූ බවද සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග වාර්තා කරයි.

වාර්තා වන ආකරයට මෙලෙස අපස්මාර පෙති තොගය නිෂ්පාදනය කර ඇත්තේ ඖෂධ නිෂ්පාදනය කරන ඉන්දියානු දේශීය සමාගමකිනි .

Exit mobile version