ශ්‍රිලංකාවේ මේවනවිට ඩෙංගු රෝගය ඉතා සීග්‍රයෙන් පැතිර යන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දී තිබේ. ඒඅනුව රට පුරාම ව්‍යාප්ත වන මෙම රෝගය වැලැක්වීම සදහා සැලසුම් කරන ලද ඩෙංගු මර්දන වැඩසටහනක් අද දින ඇරඹුන බව වාර්තාවේ.
එම වැඩසටහන සතියක් පුරා ක්‍රියාත්මක කරන බවයි වාර්තාවන්නේ.
සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වාදෙන ආකාරයට මේවන විට ලංකාව තුල ඩෙංගු රෝගීන් 27000 ක් පමණ වාර්තාවී ඇති බවත් එම ප්‍රමාණයෙන් අඩක් පමණ බස්නාහිර පළාත තුලින්ද ඉබස්නාහිර පලාතෙන් වාර්තාවන ඩෙංගු රෝගීන්ගෙන් වැඩි ප්‍රමානයක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තාවන බව සදහන්වේ.
