කොළොම් කුමාරිය හැඩ වැඩ කරයි.

කොළඹ නගරය අලංකාර පිරිසිදු නගරයක් කිරීමේ ව්‍යාපෘතිය ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතාගේ අධික්ෂණය යටතේ යළි ආරම්භ වී තිබේ.

නාගරික සංවර්ධන අධිකාරියේ සහ කොළඹ නගර සභාව යටතේ ක්‍රියාත්මක වූ කොළඹ නගරය පිරිසිදු නගරයක් ලෙස පවත්වාගෙන යාමේ කටයුතු මේ වන විට නතර වී ඇති බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලැබුණු පැමිණිලි අනුව ක්‍රියාත්මක වෙමින් ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා මෙම කටයුත්ත වෙනුවෙන් මැදිහත්ව ඇති බව සදහන්.

ඒ අනුව පසුගිය සතියේ කොළඹ නගර සභා නියෝජිතයන්, නාගරික සංවර්ධන අධිකාරියේ නියෝජිතයන් ඇතුළු මෙම කටයුත්තට සම්බන්ධ ආයතනවල නිලධාරීන් කැදවූ සාගල රත්නායක මහතා මේ කටයුතු පිළිබඳව සාකච්ඡා පවත්වා ඇත.

කොළඹ නගරය පිරිසිදු නගරයක් ලෙස පවත්වාගෙන යාම මෙන්ම අලංකාර නගරයක් ලෙස පවත්වාගෙන යාමට අවශ්‍ය පියවර ගන්නා ලෙස මෙම පිරිසට සාගල රත්නායක මහතා උපදෙස් ලබා දී තිබෙන බව වාර්තා වේ.

නාගරික උද්‍යාන මෙන්ම වෙරළ පිරිසිදු හා අලංකාර ස්ථානයන් ලෙස පවත්වාගෙන යාම බේරේ වැව ඇතුළු කොළඹ නගර සීමාවේ තිබෙන ඇළ මාර්ග පිරිසිදු කිරීමේ කටයුතු ගැන ද උපදෙස් දී ඇත.

Exit mobile version