ටෙලිකොම් ආයතනය පෞද්ගලීකරණය කිරීම ජාතික ආරක්ෂාවට හානියක් නොවේ.

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය පෞද්ගලීකරණය කිරීමෙන් ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොමැති බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්‍ය රොහාන් සමරජීව මහතා ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිෂ්පාදනය කරන “ 101 “ කතා වැඩසටහනට සහභාගී වෙමින් ප්‍රකාශ කළ බව වාර්තා වේ.

එමෙන්ම ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව ජාතික ආරක්ෂාව යන වචනය සටන් පාඨයක් කරගෙන ඇති බවත් , කිසිදු විශේෂඥ දැනුම ඇති පුද්ගලයන්ගෙන් විමර්ශනයක් සිදු නොකර මෙවැනි වාර්තාවක් සකස් කර තිබෙන බවත් ඔහු වැඩි දුරටත් සඳහන් කර තිබේ.

Exit mobile version