ජනක රත්නායක ධූරයෙන් ඉවත් කිරීමට කටයුතු .

මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක ඉවත් කිරීමට යයි.

මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා සිය ධූරයෙන් ඉවත් කිරීමට අදාළ මූලික කටයුතු මේ වන විට සැකවෙමින් පවතින බව ආරංචි මාර්ග සදහන් කරයි. සභාපතිවරයාට විරුද්ධව චෝදනා පත්‍ර සකස් කර ඇති අතර පාර්ලිමේන්තු ක්‍රියාවලිය ඔස්සේ ඔහු ඉවත් කිරීම අවශ්‍ය කටයුතු සිදු කෙරෙමින් පවතින බව සදහන් වේ.

විදුලි බල මණ්ඩල පනත හා මහජන උපයෝගීතා කොමිෂන් සභා පනත උල්ලංඝනය කරමින් විදුලි ගාස්තු සංශෝදනය කිරීමට අමාත්‍යවරයා ප්‍රමුඛ රජය පියවර ගන්නා බවට දිගින් දිගටම චෝදනා කළ ජනක රත්නායක මහතා එම ගාස්තු සංශෝදනයේ අවිධිමත් භාවය දැඩි සේ විවේචනය කළේය. මේ හේතුවෙන් රජයේ අප්‍රසාදය මෙම සභාපතිවරයා වෙත එල්ල වූ අතර විදුලි බල සහ බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පසුගියදා සදහන් කළේ ඔහු ධූරයෙන් ඉවත් කිරීම අවශ්‍ය පියවර ගැනෙමින් පවතින බවය .

මේ පිළිබදව කළ විමසීමකදී පිළිතුරක් දුන් ජනක රත්නායක මහතා තමන් ඉවත් කිරීමට අදාළ වැඩ පිළිවෙළක් පවතින බව තහවුරු කළ අතර තමන්ට එරෙහිව නගා ඇති සියලු චෝදනා ප්‍රතික්ෂේප කරමින් මේ වන විටත් මුදල් අමාත්‍යවරයාට සහ ආර්ථික ස්ථායිකරණ කමිටුව වෙත කරුණු පැහැදිලි කිරීමක් යවා ඇති බවයි.

(ලංකා සර )

Exit mobile version