කලක් රෝගාතුරව සිට පසුගිය 28 වනදා අභාවප්‍රාප්ත වූ ප්‍රවීණ සංගීතවේදී සෞන්දර්‍ය විශ්ව විද්‍යාලයේ කුලපතිවරයෙකු වූ සංගීත් නිපුන් මහාචාර්‍ය සනත් නන්දසිරි මහතාගේ අවසන් කටයුතු අද (1) පස්වරු 3.00 ට බොරැල්ල කනත්තේ දී සිඳු කිරීමට නියමිත බව වාර්තා වේ.
එමෙන්ම මහාචාර්‍ය සනත් නන්දසිරි මහතාගේ දේහය අද (1) පෙරවරු 10.00 සිට මධ්‍යාන 12.00 දක්වා කොළඹ සෞන්දර්‍ය විශ්ව විද්‍යාලයේ ද අනතුරුව පස්වරු 2.00 දක්වා ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථා පරිශ්‍රයේ ද අවසන් ගෞරවය සඳහා තැබීමට නියමිතව ඇත.
