දේශබන්දුට එරෙහි තහනම් නියෝගය දීර්ඝ කෙරේ.

අරගලකරුවන් විසින් ජනාධිපති මන්දිරයේ තිබී රුපියල් එක්කෝටි හැත්තෑ අට ලක්ෂයකට වැඩි මුදලක් සොයා ගැනීමේ සිද්ධියට අදාළව බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනුකර තිබෙන පුද්ගලික නඩුවක් විභාග කිරීම වළක්වාලමින් පනවා තිබෙන තහනම් නියෝගය ලබන මැයි මස 19 දක්වා දීර්ඝ කිරීමට අභියාචනාධිකරණය නියෝග කර ඇති බවට වාර්තා වේ.

එම පැමිණිල්ල බලරහිත කරන ලෙස ඉල්ලා දේශබන්දු තෙන්නකෝන් මහතා ගොනුකල රිට් පෙත්සමක් කැදවූ අවස්ථාවේදී අභියාචනාධිකරණය මෙම නියෝගය නිකුත් කර තිබේ.

Exit mobile version