විස්තීරණ න්‍යෂ්ටික පරීක්ෂණ තහනම් කිරීමේ ගිවිසුම (CTBT) අනුමත කරන බවත් , න්‍යෂ්ටික නිරායුධකරණය සහ න්‍යෂ්ටික ආයුධ සීමාකිරීම සඳහා ශ්‍රී ලංකාව කැපවී සිටින බවත් විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා නිව්යෝර්ක් හිදී පැවති විස්තීරණ න්‍යෂ්ටික පරීක්ෂණ තහනම් කිරීමේ ගිවිසුම ( CTBT )පිළිබඳ යුරෝපා සංගමයේ 14 වන වගන්තියේ සම්මන්ත්‍රණයේ කොටසක් ලෙස කැඳවා තිබූ මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින් ප්‍රකාශ කළ බව වාර්තා වේ .
එහිදී විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි මහතා සඳහන් කළේ පසුගිය ජූලි මාසයේ දී විස්තීරණ න්‍යෂ්ටික පරීක්ෂණ තහනම් කිරීමේ ගිවිසුම ශ්‍රී ලංකාව නිල වශයෙන් අනුමත කළ බවත් , එය න්‍යෂ්ටික ආයුධ සීමාකිරීම පිළිබඳ රටේ දීර්ඝකාලීන සහ ස්ථාවර ප්‍රතිපත්තිය සමඟ අනුකූල වන බවත්ය.
එමෙන්ම 1996 ඔක්තෝබර් මාසයේ දී ශ්‍රී ලංකාව විස්තීරණ න්‍යෂ්ටික පරීක්ෂණ තහනම් කිරීමේ ගිවිසුමට ( CTBT) අත්සන් තැබීමත් සමඟ ඊට අත්සන් තැබූ පළමු රටවල් අතර 13 වන ස්ථානයට මෙරට පත් වූ බවත්, එය කැපී පෙනෙන කරුණක් බවත් , මහනුවර පල්ලේකැලේ සහායක භූ කම්පන මධ්‍යස්ථානයක්ද ස්ථාපිත කළ බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් ප්‍රකාශ කරන ලදී.
සම්මුතිය බලාත්මක කිරීම , ප්‍රවර්ධනය කිරීම සඳහා න්‍යෂ්ටික පරීක්ෂණ තහනම් ගිවිසුම් සංවිධානයේ (CTBTO) විධායක අධ්‍යක්ෂ ෆ්ලොයිඩ් මහතා ඇතුළු කණ්ඩායම සිදුකරන කැපවීම ද මෙහිදී විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි මහතාගේ ඇගයීමට ලක් වූ බව වාර්තා වේ .
