EPF / ETF කොල්ලයට එරෙහිව විරෝධතාවක්.

EPF/ETF කොල්ලයට එරෙහි සටන් ව්‍යාපාරය සංවිධානය කළ විරෝධතාවක් අද (10) කොළඹ, කොටුව කාන් ඔරලෝසු කණුව ඉදිරිපිටදී පැවැත්වූ බව වාර්තා වේ.

ආණ්ඩුව IMF කොන්දේසි අනුව දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ තීරණයත් සමග රටේ සේවකයන්ට හිමි EPF/ETF අරමුදල් අහිමිවීමේ අර්බුදයක් උද්ගත වී තිබෙන බවට විරෝධතාකරුවන් ප්‍රකාශ කර තිබේ.

ඊට විරෝධය පල කිරීමට මෙම විරෝධතාව සංවිධානය කර තිබුණි. 

”රනිල් රාජපක්ෂ ආණ්ඩුවෙන් EPF/ETF බේරා ගනිමු” ලෙස සටන් පාඨ ප්‍රදර්ශනය කරමින් මෙම විරෝධතාකාරුවන් සිය විරෝධයේ නිරත වූ බව සදහන්.

Exit mobile version