නොර්වුඩ් ෆැෂන් ඇඟලුම් කම්හල විවෘත කරන්නැයි විරෝධතා.

නොර්වුඩ් ෆැෂන් ඇඟළුම් කම්හල නැවත විවෘත කරන ලෙසත් , එහි සේවකයන්ගේ හිඟ වැටුප් ලබා දෙන ලෙසත් ඉල්ලමින් එහි සේවය කළ පිරිසක් අද (23) දින එම ඇඟළුම් කම්හල ඉදිරිපිටදී උද්ඝෝෂණයක් පැවැත්වූ බව වාර්තා වේ .

මෙම ඇඟළුම් කම්හල මේ වන විට වසා දමා ඇති අතර එම තත්වයන් මත එහි සේවය කරන ලද තමන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇති බව එම සේවක පිරිස් ප්‍රකාශ කරන ලදී .

එමෙන්ම තමන් සේවය කළ කාලය තුළදී තමන්ට වැටුප් ගෙවීමට ඇති බවත් , එම හිඟ වැටුප් කඩිනමින් තමන්ට ලබා දෙන ලෙසත් මෙම උද්ඝෝෂකයන් සඳහන් කරති.

එමෙන්ම මෙම ඇඟළුම් කම්හල වසා දැමීම හා තමන්ට ගෙවීමට ඇති හිඟ වැටුප් පිළිබඳව ඉදිරියේදී හැටන් කම්කරු කාර්යාලයේ අදාළ නිලධාරීන් දැනුවත් කිරිමට පියවර ගන්නා බව ද ඔවුන් වැඩි දුරටත් ප්‍රකාශ කරන ලදී .

Exit mobile version