මෙරට තුළ ඖෂධ තොග මාස තුන හතරකට නොව වසරක කාලයක් සඳහා තබා ගැනීමේ වැඩපිළිවෙළ ප්‍රතිපත්තියක් වශයෙන් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන ලෙසත් , අත්‍යාවශ්‍ය ඖෂධ හිඟයකින් තොරව සෞඛ්‍ය පද්ධතියට මුදාහැරීමට කටයුතු කරන ලෙසත් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සෞඛ්‍ය නිලධාරීන් හට උපදෙස් ලබා දී තිබෙන බව වාර්තා වේ .
එමෙන්ම ඉදිරි සති කිහිපය තුළදී අත්‍යාවශ්‍ය ඖෂධ ඇතුළු අනෙකුත් ඖෂධවල පවතින හිඟය මඟහරවා ගැනීමට ගත හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගැනීමට කටයුතු කරන ලෙසටත් අමාත්‍යවරයා අදාළ නිලධාරීන් හට උපදෙස් ලබා දී තිබේ .
