කටුනායක ගුවන්තොටුපල පරිශ්‍රයේ පොදු මගී ප්‍රවාහන බස් රථ ගමනාගමනය නැවතත් නවතා දැමීමට කටුනායක ගුවන්තොටුපල පාලනාධිකාරිය පියවර ගෙන තිබෙන බව වාර්තා වේ .
මාස 6කට අධික කාලයක් ගුවන්තොටුපල පරිශ්‍රයට ඇතුළු වීම නවතා තිබූ බස් රථ සේවාව මාධ්‍ය මඟින් අනාවරණයෙන් අනතුරුව ගුවන්තොටුපල පරිශ්‍රයට බස්රථ ඇතුළු වීම දින දෙකකට පෙර ආරම්භ වූ අතර දින දෙකකට පෙර කටුනායක ගුවන්තොටුපල පොලිසිය විසින් බස්රථ රියදුරන් කැඳවා ගුවන්තොටුපල සභාපතිවරයා අවසර ලබාදී ඇති බවත් එම නිසා ක්‍රමවත් ලෙස බස් ගමනා ගමනය සිදු කරන ලෙසත් සඳහන් කර තිබේ.
නමුත් අද (28) දහවල් පොලිස් නිලධාරීන් පැමිණ බස්රථ ඉවත් කරගන්නා ලෙස දැනුම් දීමෙන් අනතුරුව ඔවුන් බස්රථ නැවතත් ඇවරිවත්ත බස් නැවතුමට පමණක් සීමා කිරීමට කටයුතු කර ඇති අතර ගුවන් තොටුපොළ අවට අණසක පතුරුවාගෙන සිටින ත්‍රී රෝද රථ රියදුරන් ප්‍රදේශය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙකු මුණගැසීමෙන් අනතුරුව මෙම බස් රථ පරිශ්‍රයට ඇතුළු වීම වැළැක්වීමට කටයුතු කළ බව ගුවන්තොටුපල අභ්‍යන්තර ආරංචි මාර්ග වාර්තා කර තිබේ.
මෙම සම්බන්ධයෙන් ගුවන්තොටුපල සභාපතිවරයාගේ කාර්යාලයෙන් විමසු අවස්ථාවේදී ප්‍රකාශ කළේ ගුවන්තොටුපල කළමනාකරුගෙන් විමසන ලෙසටයි.කළමනාකරු සම්බන්ධකර ගැනීමට උත්සාහ කළත් එය සිදුවු නොමැති නිසා ඔවුන්ගේ කාර්යාලයෙන් ද පවසා සිටියේ මේ සම්බන්ධව ඔවුන් කිසිවක් නොදන්නා බැවින් සභාපතිවරයා සම්බන්ධ කර ගන්නා ලෙසටයි.සභාපතවරයා සහ කළමනාකාරවරයා අවස්ථා කීපයකදී සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළත් එම උත්සාහයන් අසාර්ථක වූ බව සඳහන් වේ.
එමෙන්ම ගුවන්තොටුපල පොලීසියෙන් විමසූ අවස්ථාවේදී ඔවුන් සඳහන් කර ඇත්තේ පොලිස් නිලධාරීන්ට කිසිදු බලයක් නොමැති බවත් ය. අද(28) උදෑසන අවසන් බස් රථය ගුවන්තොටුපළ පරිශ්‍රයේ සිට බැහැරට පැමිණි අවස්ථාවේදී ත්‍රීරෝද රථ රියදුරන් හූ කියමින් සිය සතුට ප්‍රකාශ කළ බව ද වාර්තා වේ .
ජනාධිපතිවරයාගේ හෝ අගමැතිවරයාගේ මැදිහත්වීමකින් මෙම ගැටළුවට නිසි විසඳුමක් ලබාදීම කාලීන අවශ්‍යතාවයක් බව බස් රථ රියදුරන් සහ ගුවන්තොටුපල සේවකයින් ප්‍රකාශ කර තිබෙන බව සඳහන් වේ.
