සෞඛ්‍ය අමාත්‍යවරයාට විරුද්ධව මහජනතාවගේ අත්සනින් යුතු පෙත්සමක් අද (08) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.
සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් විසින් පාර්ලිමේන්තු පිවිසුම් දොරටුව අසල දී මෙම පෙත්සම භාරගත් බව සදහන්.
මේ සඳහා පක්ෂයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර, පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් සහභාගි වී ඇත.
ජනතාවගේ අත්සන්වලින් යුත් පෙත්සම අද පාර්ලිමේන්තු අවස්ථාවේ දී කථානායකවරයාට භාර දෙන බව ඔවුන් කියා සිටි අතර, සෞඛ්‍ය අමාත්‍යවරයා තනතුරෙන් නෙරපීමට සෙසු පාර්ශ්ව ඉදිරියට ආවේ නැතත් රටේ ජනතාව ඉදිරියට පැමිණ ඇති බව ඔවුහූ ප්‍රකාශ කර තිබේ.
