පන්ජාබ් පොලිසිය ඉම්රාන්ගේ නිවසට

පාකිස්ථානයේ පන්ජාබ් පොලිසිය හිටපු අගමැති ඉම්රාන් ඛාන්ගේ සමන් පාර්ක්හි නිවසේ දොරගුලු කඩා බලහත්කාරයෙන් ඊට ඇතුලු වූ බවට වාර්තා වේ.

හිටපු අග්‍රාමාත්‍යවරයා ඉස්ලාමාබාද් අධිකරණයට ගමන් කරමින් සිටින අතරතුර පොලිසිය ඔහුගේ නිවසට ඇතුලු වී ඇති අතර එහිදී බිරිද වූ බුෂ්රා බෙගම් පමණක් නිවසේ සිට ඇත.

මෙහිදී ඉම්රාන් ඛාන් ට්විටර් ගිණුමේ සටහනක් තබා එමගින් ප්‍රශ්න කර ඇත්තේ තම බිරිඳ පමණක් තනිව සිටියදී දොරගුලු කඩා ඇතුලුවීමට ඔවුන්ට ඇති නෛතික හිම්කම කුමක්ද යන්න පිළිබඳවයි.

Exit mobile version