පුටින් හදිසියේම චීනයට.

ජාත්‍යන්තර සහයෝගීතාව සඳහා වන “එක් තීරයක් – එක් මාවතක්” තෙවැනි සමුළුව හෙට බීජීං නුවරදී ආරම්භවීමට නියමිත බව වාර්තා වේ.

සමුළුවට රටවල් 130ක සහ ගෝලීය සංවිධාන 30ක පමණ නියෝජිතයින් සහභාගී වීමට නියමිත බව සදහන්.

සමුළුවට සහභාගී වීම සඳහා එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් සහ රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් ද චීනයේ බීජීං නුවරට පැමිණ තිබේ.

යුක්රේනය යුද්ධයට අදාළව ජාත්‍යන්තර අපරාධ අධිකරණය රුසියන් ජනාධිපති පුටින් අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර ඇති පසුබිමක ඔහු චීනයට පැමිණීම විශේෂත්වයකි.

විදෙස් මාධ්‍ය පවසන්නේ ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ සාමාජික රටවල් 123ට චීනය අයත් නොවීම හේතුවෙන් රුසියානු ජනාධිපතිවරයා චීනයට පැමිණ ඇති බවයි.
 

Exit mobile version