පිරමීඩ මහ මොළකරුවන්ට රට යාම තහනම්.

පිරමීඩ ක්‍රමයට මුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ව්‍යාපාරික සමාගමක අධ්‍යක්ෂ මණ්ඩලයේ හය දෙනෙකුට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා විසින්  ඊයේ (12) විදෙස් ගමන් තහනමක් පැනවූ  බව වාර්තා වේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන ඒකකය විසින් අධිකරණය හමුවේ කළ ඉල්ලීමක් සැලකිල්ලට ගනිමින් මහේස්ත්‍රාත්වරයා විසින් මෙම නියෝගය නිකුත් කළ බව සඳහන් වේ.

අදාළ සමාගම හරහා ඩොලර් කෝටි දහයකට අධික මුදලක් ගණුදෙනු වී ඇති බවත් , සැකකටයුතු ගිණුම් කිහිපයක් වාර්තා වන බවත්  ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය අධිකරණය හමුවේ කරුණු දක්වා තිබේ. එමෙන්ම මෙම සමාගමේ බැංකු ගිණුම් 58 ක් අත්හිටුවීමට ද නියෝග කර තිබේ.

මෙලෙස විදෙස් ගමන් තහනමක් පනවා ඇත්තේ අදාළ සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයන් වන අතුල ඉන්දික සම්පත් , මධුරංග ප්‍රසන්න , සම්පත් සඳරුවන් , ගයාෂාන් අබේරත්න , ධනංජය ගයාන් සහ සාරංග රන්දික යන අයට බව වාර්තා වේ.

Exit mobile version