පිරමීඩ ජාවාරමකට හවුල් බව කියන පුද්ගලයකුට අයත් වටිනා මෝටර් රථයක් රන්න ,වීරෝදාර මාවතේ නිවස ඉදිරිපිට නවතා තිබියදී කිසියම් පිරිසක් විසින් ගිණිතබා විනාශ කර ඇති බව වාර්තා වේ .
පිරමීඩ ජාවාරම හරහා එම ප්‍රදේශයේ විශාල පිරිසක් මුදල් තැන්පත් කර ඇති අතර එම මුදල් ගෙවීම් අත්හිටුවීම නිසා තැන්පත්කරුවන් මොහු සමඟ අමනාපයෙන් සිට තිබේ. ගිනි තැබීමෙන් මෝටර් රථය සම්පූර්ණයෙන් විනාශ වී ගොස් ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් ඔහු හුංගම පොලිසියට පැමිණිලි කර තිබේ .
තංගල්ල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කේ.බී.කීර්තිරත්න මහතාගේ අධීක්ෂණය යටතේ හුංගම පොලිසිය විසින් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරන බව වාර්තා වේ .
