කිව්.ආර්.නැවතත්.

ජාතික ඉන්ධන අවසර පත් ‘කිව්.ආර්’ ක්‍රමවේදය ඉදිරියේ දී තවත් උසස් තාක්ෂණික ක්‍රමවේදයන් සමඟ වැඩිදියුණු කර දත්ත එක්කිරීම සහ දත්ත විශ්ලේෂණය වෙනුවෙන් භාවිත කරන මෙවලමක් ලෙස ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවට විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය ප්‍රකාශ කළ බව වාර්තා වේ.

අමාත්‍ය කංචන විජේසේකර මහතා පෙන්වා දෙන්නේ, කිව්.ආර් ක්‍රමවේදය පසුගිය වසරේ හදුන්වාදීමේ අරමුණ වූයේ, ඒ අවස්ථාවේ පැවති ඉන්ධන අර්බුදය සහ ආර්ථික අර්බුදයට පිළියමක් ලෙස පැවති සම්පත් කළමනාකරණය කරමින් බෙදා හැරීමේ වැඩපිළිවෙළක් ලෙස ක්‍රියාත්මක කිරීමට බවයි.

එමඟින් පැවති සමාජයීය සහ ආර්ථික ගැටලු කළමනාකරණය කර, ඇතිව තිබූ අර්බුදයන් අවසන් කිරීමටත් ජන ජීවිතය ස්ථාවර කර ගැනීමටත් හැකිවූ බවට කංචන විජේසේකර අමාත්‍යවරයා පෙන්වා දෙයි.

පෙරේදා දින වන විට කිව්.ආර් ක්‍රමවේද පද්ධතියේ ලක්ෂ 65ක් ඉක්මවූ පිරිසක් සහ රථ වාහන සංඛ්‍යාවක් ලියාපදිංචිය සහ එම පද්ධතිය හරහා ඉන්ධන බෙදා හැරීමේ ගනුදෙනු ලක්ෂ 3,500ක් ඉක්මවා සිදුකර ඇති බවද සදහන්.

Exit mobile version