විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර දැනුන් දී ඇත්තේ අද සිට ක්‍රියාත්මක වන පරිදි සෑම සතියකම අඟහරුවාදා මධ්‍යම රාත්‍රියේ සිට QR කෝටාව යාවත්කාලීන කෙරෙන බවයි.
මේ වනතෙක් QR කෝටාව යාවත්කාලීන කෙරුණේ සෑම සතියකම ඉරිදා මධ්‍යම රාත්‍රියේදී උවද අද සිට එය වෙනස් වේ.
අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත්තේ ඔහුගේ ට්විටර් ගිණුමේ සටහනක් තබමින් බව වාර්තාවේ.
මෙමගින් බෙදාහරිම සදහා වැය වන පිරිවැය අඩුකරගැනීමට හැකිවනු ඇති බව හා QR කෝටාව හරහා ලැබෙන ඉන්ධන ප්‍රමානයෙහි වෙනසක් සිදු නොවන බව එම පණිවිඩයේ වැඩිදුරටත් සදහන් බව වාර්තා වේ.
