ශ්‍රී ලංකාවේ කවුරු හොරකම් කලත්, දූෂණ වංචා කලත් දැන් දුක් විඳින්නේ ජීවත් සිටින අපි සමග ජනතාවය. ඉන්ධන හිඟය ත්‍රිවිධ හමුදාවේ හෝ පොලිසියේ සේවකයන්ට බලනොපාන බවට හේතු තිබේ. නමුත් අනෙකුත් රාජ්‍ය සේවකයන්ට මෙන්ම සාමන්‍ය ජනතාවට ඉන්ධන අවශ්‍ය වේ. සාමාන්‍ය ජනතාවට මාසික වැටුප් නොලැබෙන අතර ඔවුන් ජීවත් වන්නේ ඔවුන්ගේම ආදායම් මාර්ගවලිනි.
පවතින හිඟය අවමකරගෙන ජනතාවට උපරිම සේවයක් ලබා දීම වෙනුවෙන් අමාත්‍ය කාංචන විජේසේකර ගත් කේත ක්‍රමය සහ අංකවලට ඉන්ධන ලබා දීම විශිෂ්ඨ ක්‍රියාවකි. අප ඔහුගේ වැරදි පිලිබදව සෘජුවම වාර්තා කර තිබෙන නමුත් හරි දේ හරි බව ලිවීම අපගේ වගකීමකි.
පවතින තත්වයෙන් ජනතාව ගලවා ගැනීම සඳහා හඳුන්වා දුන් ක්‍රමයට ඉහලින් යමින් බොහෝ ඉන්ධන හල ක්‍රියාත්මක වේ. ඉන්ධන ලබා දීමේ සීමාවන්ද සමහර ඉන්ධන හල් වල ක්‍රියාත්මක නොවන අතර අදාළ අංකවලට අනුව බෙදා හැරීමද සිදු නොවන බව වාර්තා වේ. මෙම ක්‍රමය ක්‍රියාත්මක නොකරන ඉන්ධන හල් සොයා ඒවාට විරුද්ධව ආරම්භයේදීම නීතිය ක්‍රියාත්මක නොවන්නේ නම් ශ්‍රී ලංකාවට තව දුරටත් අමනුෂ්‍යයන්ගෙන් ගහනවා පවතිනු ඇත.
