රාගම ගණිකා නිවාසයක් වටලයි.

රාගම , කඩවත පාර ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් ඊයේ (25) වටලා පුද්ගලයින් තිදෙනෙක් අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ එම ගණිකා නිවාසය පවත්වාගෙන ගිය 36 හැවිරිදි පුද්ගලයෙකු සහ ඊට සහය දැක්වූ 32 සහ 36 යන වයස්වල පසුවන කාන්තාවන් දෙදෙනෙකි.මොවුන් කටුවන , තෙලිජ්ජවිල සහ කිරිඳිවැල්ල යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව සඳහන් වේ.

Exit mobile version