අවි ගබඩාවක් වටලලා.

මාතර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව තිහගොඩ බණ්ඩරත්තවේල්ල ප්‍රදේශයේදී අවිඅයුධ තොගයක් පොලීසිය විසින් සොයා ගෙන තිබෙන බව වාර්තා වේ .

එම ස්ථානයේ තිබී විදේශ රටක නිෂ්පාදිත ටී 56 වර්ගයේ ගිනිඅවියක්, මැගසිනයක්, ටී 56 වර්ගයේ උණ්ඩ 10ක් සහ සරඹ උණ්ඩ 10ක් සොයාගෙන තිබේ.

සිද්ධියට සම්බන්ධව කිසිදු පුද්ගලයෙකු මේවන තෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර මාතර අපරාධ කොට්ඨාසය සහ මාතර පොලීසිය ඒකාබද්ධව විමර්ශන සිදු කරන බව සඳහන් .

Exit mobile version