දුම්රිය රියදුරන් ඊයේ (11) මධ්‍යම රාත්‍රියේ ආරම්භ කළ වැඩවර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවට දුම්රිය රියදුරන්ගේ සංගමය ප්‍රකාශ කළ බව වාර්තා වේ.
එහි ලේකම් එස්. ආර්. සී. එම්. සේනානායක පැවසුවේ කොළඹ පිහිටි දුම්රිය ධාවනාගාර පහෙන් මරදාන සහ දෙමටගොඩ ධාවනාගාර දෙකක රියදුරන් පමණක් මෙම වර්ජනයට සහභාගි වී සිටින බවයි.
බලධාරීන් සාධාරණ ඉල්ලීම්වලට යහපත් ප්‍රතිචාරයක් නොදැක්වුවහොත් ධාවනාගාර පහේම රියැදුරන් වර්ජනයට එකතුවීමේ අවදානමක් ඇති බවටද එම සංගමය සඳහන් කර තිබේ.
ප්‍රවාහන අමාත්‍යවරයා, එම අමාත්‍යංශයේ ලේකම්වරයා සහ දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ඇතුළු සියලු බලධාරීන් දුම්රිය රියදුරන්ගේ ඉල්ලීම් සාධාරණ යැයි පිළිගත්ත ද විසඳුමක් ලබා නොදීම ගැටලුවක් බව ද දුම්රිය රියදුරන්ගේ සංගමය පවසති.
