වැසි තත්ත්වය සැප්තැම්බර් අවසානය දක්වා.

දිවයිනේ නිරිතදිග කොටසේ මේ වනවිට පවතින වැසි තත්ත්වය සැප්තැම්බර් මාසය අවසානය දක්වා පැවතිය හැකි බවට කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් මෙසේ පවසා තිබේ.

ඒ මහතා වැඩිදුරටත් පැවසුවේ ,ඇතැම් දිනවල මිලිමීටර් 75ක පමණ තද වැසි තත්ත්වයන් ද ඇතිවිය හැකි බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කාලගුණ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා,

“නිරිතදිග මෝසමේ අන්තිම භාගය තමයි මේ යන්නේ. විශේෂයෙන්ම සැප්තැම්බර් මාසයේ අන්තිම වෙනකොට නිරිතදිග මෝසම හමාර වෙනවා. මේ කාල පරිච්ඡේදය තුළ දිවයින තුළ නිරිතදිග කොටසේ තියෙන වර්ෂාපතනය අඩු වැඩි වෙමින් පවතිනවා. එතකොට ඉදිරි දින කිහිපය ගත්තාම විශේෂයෙන්ම 10,11 කියන දිනයන් දෙකේදී සාපේක්ෂව තරමක තද වැසි අපි නිරිතදිග කොටසේ බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම සමහර ස්ථානවලට මිලිමීටර් 75ක පමණ වර්ෂාපතනයක් ලැබීමේ හැකියාවකුත් තියෙන්න පුළුවන්.”

Exit mobile version