රාජ් කුමාරිගේ මරණය ඝාතනයක් – සැකකරුවන් අත්අඩංගුවට ගන්නැයි නියෝගයක්.

වැලිකඩ පොලිස් අත්අඩංගුවේ සිටියදී මිය ගිය ආර්. රාජ් කුමාරිගේ මරණය ඝාතනයක් බැවින් ඊට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණය ඊයේ පොලිසියට නියෝග කර ඇති බව වාර්තා වේ.

නඩුව ඊයේ කැඳවූ අවස්ථාවේදී කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුලාවල මෙම නියෝගය ලබා දුන් බව සදහන්.

කුමාරි අවුරුද්දකට වැඩි කාලයක් චිත්‍රපට සහ ටෙලිනාට්‍ය නිෂ්පාදිකාවක වු සුදර්මා නෙත්තිකුමාර් ගේ රාජගිරිය නිවසේ ගෘහ සේවිකාවක් ලෙස සේවය කොට ඇත.

පසුව නෙත්තිකුමාර් ගේ මුද්දක් සොරා ගත්තා යැයි සැකපිට පසුගිය මැයි 11 වෙනිදා ඇයව වැලිකඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබුණි.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඇය සේවය කරමින් සිට ඇත්තේ වෙනත් නිවසකය.

අත්අඩංගුවට ගැනීමට පෙර සහ පොලිස් අත්අඩංගුවේ සිටියදී ඇයට බරපතල ලෙස පහර දී තිබූ බවට කුමාරිගේ සැමිය සහ පවුලේ ඥාතීන් විසින් චෝදනා කරනු ලැබීය.

දෙමෝදර ප්‍රදේශයේ පදිංචිකාරිනියක වූ 42 හැවිරිදි රාජ් කුමාරි තිදරු මවකි.

Exit mobile version