ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීන්දු තීරණ ගන්නේ තමන්ගේ පෞද්ගලික දේශපාලන අනාගතය ගැන සිතා නොව මෙරට දෙකෝටි විසි ලක්ෂයක් වන සමස්ථ මහජනතාවගේ අනාගතය ගැන සිතා බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා කොළඹ පැවති මාධ්‍යයට හමුවකට එක් වෙමින් ප්‍රකාශ කළ බව වාර්තා වේ.
එමෙන්ම ජනතාව ගැන සිතා බංකොලොත්භාවයට පත්ව තිබූ රට භාරගත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ වන විට මුළු ලොවටම ආදර්ශයක් වෙමින් මෙරට යළි යථා තත්ත්වයට පත් කරමින් සිටින බවත් , මෙවැනි ආර්ථික වශයෙන් කඩා වැටුණු ලෝකයේ ඇතැම් රටවල් මේ වනවිටත් තවමත් ගොඩ ඒමට සමත් වී නොමැති බවත් , රනිල් වික්‍රමසිංහ මහතා පැරීසියේදී සහ එංගලන්තයෙදී ලෝකයේ ආධාර දෙන සෑම කණ්ඩායමක් සමඟම ශ්‍රී ලංකාව බංකොලොත් භාවයෙන් මුදවා ගැනීම සම්බන්ධයෙන් අඛණ්ඩව සාකච්ඡා පවත්වා තිබෙන බවත් , ඒ සෑම රටක්ම වත්මන් වැඩපිළිවෙල අගය කොට තිබෙන බවත් වජිර අබේවර්ධන මහතා සඳහන් කර තිබේ.
තවද මෙවැනි ආකාරයෙන් කඩා වැටුණු රටක් යළි යථාතත්ත්වයට පත් කිරීමට නීතීරීතී, අණපනත්, විවිධ සංශෝධන සිදු කිරීම අවශ්‍ය බවත් , මෙම ක්‍රියාමාර්ග ලෝකයේ අනෙකුත් රටවල් පවා අනුගමනය කරන බවත් , එම නීතීරීතී වැරදි විදිහට විවේචනය කරමින් රටේ ජනතාව නොමඟ යැවීමට විපක්ෂය ප්‍රමුඛ ඇතැම් කණ්ඩායම් කටයුතු කරන බව පෙනෙන්නට තිබෙන බවත් වජිර අබේවර්ධන මහතා වැඩි දුරටත් ප්‍රකාශ කර තිබේ.














































